නිලමෙයි මැණිකෙයි පැරිස් යවන LOVI Ceylon

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 09, (LNW) කොළඹ :

මෙවර පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරග සමාරම්භයට එකතු වන්නේ LOVI Ceylon විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද වස්ත්‍රවලින් සැරසී බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය.
ජාතික කණ්ඩායමකට ඇඳුමක් නිර්මාණය කිරීම පහසු නැත.මෝස්තර දැන තිබීම,සහ ඇඳුම් මැසීම දැන සිටීමට එහා ගිය දැණුමක් එහිදී භාවිතයට ගත යුතුය.රටේ අනන්‍යතාවය සහ ඉතිහාසය පිළිබඳ හැදෑරීමක් ඊට ඇතුළත් විය යුතුය.මෙවර LOVI Ceylon ඒ වෙනුවෙන් ගොස් ඇත්තේ අපේ රටට අනන්‍ය වූ මෝස්තර සොයා ක්‍රිස්තු වර්ෂ 1800 ට පමණ දුරකටය.
එහිදී ඇඳුමේ පෙණුම යම් නූතණත්වයකට ගෙන එන අතරේ ශ්‍රී ලංකාවේ ඇඳුම් සංස්කෘතියට ආවේනික ඇඳුම් නිර්මාණ කලාවේ මෝස්තර සහ ඊට අදාළ වන අතින් කරන ලද එම්බ්‍රොයිඩර් ගෙත්තම් සමඟ පබළු යොදා ගෙන ඇත. සිල්ක් සහ ස්වභාවික තන්තු මත පබළු සමඟ එම්බ්‍රොයිඩර් හපනකම්වලින් සමන්විත මේ ඇඳුමේ මුල් අවදිය 1800 පමණ කාලයට අනුව ගත් විට රජ මැදුරේ කුමාරයා (නිලමේ) සහ කුමරිය (මැණිකේ) පිළිඹිඹු කරන එකකි.


එම ඇඳුම්වලින් සැරසී පැරිස් ඔලිම්පික් ගමනේ කණ්ඩායම් ප්‍රධානි චන්දන ලියනගේ මෙන්ම නිලධාරිනිය ලෙස එකතු වෙන කෞශලයා දන්තනාරායන තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනා සමඟ කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදී ඡායාරූපවලට පෙනී සිටියේය.ඔවුන් ඡායාරූප සඳහා හැඬ ගැන්වීම රමණී ප්‍රනාන්දු සැලෝන් විසින් සිඳු කළ අතර ඡායාරුප සටහන් කර ගැනීම ජෙහාන් ඇඩ්නන් විසින් සිඳු කරන්නට යෙදිණි.


වමේ සිට චන්දන ලියනගේ (කණ්ඩායම් ප්‍රධානි), නදීශා දිල්හානි ලේකම්ගේ (කණ්ඩායම් නායිකා – මලල ක්‍රීඩා),කයිල් අබේසිංහ (පිිහිණුම්),තරුශි කරුණාරත්න (මලල ක්‍රීඩා),ඟංගා සෙනවිරත්න (පිහිණුම්),අරුණ දර්ශන (මලල ක්‍රීඩා) සහ කෞශල්‍යා දන්තනාරායන (කාන්තා නිලධාරිණිය) ප්‍රධාන ඡායාරූපයේ දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...