ඔස්ට්‍රේලියාව ලංකාවෙ රසින් දිනවන සචී

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 09, (LNW) කොළඹ :

(ශ්‍රීන් යාපා බොරැලස්ස කියන්නෙ බර මනුස්සෙක්.ඒ ඇඟ පත මහත හින්ද නෙමෙයි වැඩ කළාව ඇතුළෙ සහ ඔහුගෙ මිනිස්සු කෙරෙහි නැමුණු භාවිතාවන් ඇතුළෙ.ඔහු සචී නම් සූපවේදිණිය ගැන මේ ලියපු සටහන වැදගත් වන්නෙ අපේ සූප ශාස්ත්‍රීය හරඹ ගැන අභිරුචියෙන් කතා කරන්නට පමණක් නොවේ.කෙනෙක්ට ලෝකය ඉදිරියේ ලාංකේය අභිමානය තියන්න බොහෝ මාර්ග තියෙන බව පෙන්වා දෙන්නයි.හැබැයි ඒ කුමන ජයග්‍රහණයකදීවත් අත නොහැර ඔබ රැකගත යුතු ගුණාංග වන්නේ දැණුම,වර්ධනය කර ගන්නා හැකියාව සහ කැපවීමයි.)

මෙවර ඔස්ට්‍රේලියානු මාසටර්චෙෆ් විශේෂ වන්නේ පළමු වරට ලංකාවේ දරුවෙක් මාස්ටර්චෙෆ් තරගයක අවසන් තුන් දෙනා අතරට තේරුන එකයි.ඒක තවත් සුවිශේෂි වන්නේ ඇය මේ තරඟාවලිය පුරාවටම ඉව්වෙ අපේ ලාංකික කෑම, යොදාගත්තේ අපේ කුළු බඩු හා ඇය භාවිතා කලේ අපේ කෑම පිසීමේ තාක්ෂණික ක්‍රම නිසා.ඇත්තටම මාස්ටර්චෙෆ් රසිකයන්ගෙ ප්‍රියතම තරගකරුවො දෙන්නා වෙලා ඉන්නෙ නැට් හා මිමී ( මිමී ගිය වටේදි කැපුනා) සැව් ඉන්නෙ රසිකයන්ගෙ ප්‍රියතම ගොඩේ නෙමේ මොකද ඇය හදවතට එන දේ ඩිරෙක්ට් කියන dry humour එකක් සහිත දුඹුරු පාට චබී නර්ඩි කෙල්ලෙක් නිසා.
ඔස්ට්‍රේලියාවේ වගේ රටවල අපි වගේ දුඹුරු පාට අය ඩිසයරබල් ආසියාතිකයො නෙමේ.ඔවුන්ට ඩිසයරබල් ආසියාතිකයො වන්නේ කහ පැහැති හම සහිත චීන,ජපන්,වියට්නාම,තායි, පිලිපීන වගේ අය.ඇත්තටම ඔවුන් asian කියද්දි අපි අයිතිත් නැද්ද කොහේද…

නැට් හා මිමී දිගටම ඔවුන්ගෙ තායි හා කැන්ටොනීස් සම්ප්‍රදායෙන් ඉන්ස්පයර් වෙලා තමා තරඟාවලිය පුරාම කෑම හැදුවෙ හැබැයි සවි තමන්ගෙ සම්ප්‍රදායෙන් කෑම
හදද්දි මෙහෙ රසිකයො කියන්න ගත්තේ සවි හැමදාම හදන්නෙ කරීස් විතරයි කියල.හැබැයි ඒ රසිකයොම නැට් හා මිමී ගේ සම්ප්‍රාදයික රෙසපීස් වර්ණනා කලා.

ඇත්තටම ශ්‍රී ලාංකීක කෑම කරීස් කියල අර්ථ ගන්වන එක වැරදියි.ඔය ඉන්දියන් කරීස් සහ අපේ ව්‍යංජන අහසට පොලව වගේ වෙනස්.මම දැක්කා අපේම සමහරු අපිට ඔරිජිනල් කෑම නෑ එක එක රටවලින් ආව ඒව තමා තියෙන්නෙ කියල.ලෝකෙ කොහේවත් ඒම ඔර්ජිනල් කෑම නෑ.හැම එක්කම මිස්ක්වෙලා තියෙන්නෙ උදාහරණ විදියට ඉන්දියාවේ කෑමවල ක්‍රවුන් ජුවෙල් එක වෙන බිරියානිය චීනයේ උග්‍යාර් , පර්සියානු හා මධ්‍යම ආසියානු රයිස් ඩිෂ්වලින් පැවත එන එකක්.තවත් අය දාල තිබ්බ ලම්ප්‍රයිස් අපේ කෑමක් නෙමේ කියල.ලම්ප්‍රයිස් අපේ කෑමක් ඕක අපේම ඩච් බර්ගර්වරුන්ගෙ කුස්සියෙන් නිපදවුන කෑමක් ඒකට ඔය මොනා හරි ඩච් හෝ ඉන්දුනිසියන් කෑමක ආභාෂයක් ඇති ඒත් ලෝකෙ කොහේවත් ලම්ප්‍රයිස් කියල ඩිෂ් එකක් නෑ ඒක තියෙන්නෙ ලංකාවෙ විතරයි ඒ නිසා ඒක අපේ කෑමක්.සවී කියනව වගේ කෙහෙල් කොලේ ඔතපු බත් එක තමා ලංකාවේ කෑමවල ක්‍රවුන් ජුවෙල් එක.

අපේ කෑම සංස්කෘතිය හා ආහාර පිසීමේ කලාව ගැන විදේශිකයන්ට තියෙන දැනුම අඩුයි ඒකයි අපේ කෑම ලෝක කෑම ලිස්ට්වල ෆීචර් නොවෙන්නෙ හැබැයි සවී වගේ නිර්භීත දක්ෂ කෙල්ලො නිසා ඒ දේ දැන් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වේගෙන යන්නෙ.

ගුඩ් ලක් සවී.ඔයා දැනටම දිනල ඉවරයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු ගිනි කන්දක් සක්‍රිය වීම හේතුවෙන් බාලිහි ගුවන් ගමන් ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස්...

Volker Turk ලඟදීම දිවයිනට!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : තෙදින නිල සංචාරයක්...

මරික්කාර්ට ඇන්නවූ මුජිබර් – මුජිබර්ට ඇන්නවූ මරික්කාර් නිසා සජබට කොළඹ, කොලොන්නාව දෙකම අහිමි වෙලා ?

සමගි ජන බලවේගය ස්ථිරවම බලය අල්ලනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි...