ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මතයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ (LNW):

අද (09)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කෙරුණි. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර වසර 28කට පසුව මෙම පනත සංශෝධනය සිදු කිරීම සිදුවිය.

ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වඩාත් තරඟකාරී වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයාට වඩාත් සාධාරණයක් ඉටු කිරීම පිණිස අවශ්‍ය නියාමනය සඳහා ඉඩ ප්‍රස්ථාව මෙම සංශෝධනය මගින් සලසා දී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අශ්වයාගේ වසර පිළිගන්න චීනය සූදානමින්!

කොළඹ LNW: චීනය අනන්‍ය මෙන්ම විශේෂ සංස්කෘතික වටපිටාවකින් සැදුම්...

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මරදාන පොලිස් වසමේදී...

බදුල්ලේ නාය යෑමේ අවධානමක් – පවුල් 238ක් ඉවත් කරයි

කොළඹ LNW:නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට...

ක්‍රීඩාවෙන් ගං වතුර බැස යයි – පස් කඳු ඉවත් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නැවත...