*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

හෙටින් ඇරඹෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

හෙට (12) සිට, අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරෙන බව සඳහන් වේ.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස හෙට සිට දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සහ ජූලි 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වන දිනද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වන දිනද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදි ද, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජූලි 15 දිනද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දිනද, කලුතර, මන්නාරම, අම්පාර, කුරුණෑගල, මහනුවර, දිස්ත්‍රික්කවල ජුලි 17 වන දිනද, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජුලි 18 වන දින ද, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල ජූලි 19 දිනද, පුත්තලම දිස්ත්‍රික්කයේ ජූලි 22 දින ද ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වේ,

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේදී මෙම ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමට කටයුතු කෙරෙන බව පැවසේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් එක් එක් පාසලින් පළමු අදියරේදී තෝරා ගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට කටයුතු කර තිබෙන අතර, අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා මසකට ‍රු.6000/- බැගින් මාස 24ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර කලාප කාර්යාල 100ක් අතුරින්, එක් කලාපයකින් සිසුන් 60 බැගින් ශිෂ්‍යත්වලාභීන් 6000ක් දැනටමත් තෝරාගෙන තිබේ. ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී එම සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කෙරෙන අතර හිඟ වාරික මුදල් ද සමඟින්‍ රු 30,000/- ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත්, ඊළඟ මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ ‍විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට ‍රු.6000/- බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරනු ලැබේ.

කෙසේ වුවද පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළව තවමත් ඇතැම් පාසල් මඟින් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති අවස්ථා නිරීක්ෂණය වී තිබෙන අතර,

එසේ අයදුම්පත් ඉදිරිපත් නොකළ පාසල්වල විදුහල්පතිවරුන්හට අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙන අතර ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකරන ලද පාසල් පිළිබද ලැයිස්තුවක් සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇත.

ඒ අනුව යම් පාසලකින් ශිෂ්‍යත්ව සඳහා අයදුම්කර නොමැති නම් ඒ පිළිබඳව සොයා බලා අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අරමුදල දෙමාපි‍යන්ගෙන් සහ දූ දරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම අසීරු අවස්ථාවේදී කිසිවෙකු අත් නොහැරිය යුතුය යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ සංකල්පයයි.

දරුවන්ට වැඩි අධ්‍යාපන අවස්ථා ප්‍රමාණයක් ලබාදීම සඳහාත්, යම් දරුවෙකු ආර්ථික අපහසුතා මත පාසල හැරයාම සිදුවන්නේ නම් එවැනි අවස්ථා වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකල පාසල් සඳහා නැවත අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබාදෙන අතර එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ facebook.com/president.fund යන නිල facebook පිටුව වෙත යොමු වන ලෙස ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව වැඩිදුර තෙරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකි අතර එහිදී යම් ගැටළුවක් මතුවුවහොත් පමණක් 0112354354 – දිගු අංක 4835 ඔස්සේ සහ 0740854527 (Whatsapp පණිවිඩ පමණි) මඟින් ජනාධිපති අරමුදලේ නිලධාරින් සම්බන්ධ කර ගත හැකියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan