කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නෑ -නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ (LNW):

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව නාමල් රාජපක්ෂ පැවසීය.

ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බව නාමල් කියා සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය මගින් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු නම් කිරීමට ප්‍රමාද ඇයිද යන්න පිලිබදව සිදු කළ විමසීමකදීය.

කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති වලට එකග වන ජනාධිපති මැතිවරණයෙන් ජය ගතහැකි අපේක්ෂකයකු මේමස අවසානයේදී නම් කරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.අපේක්ෂකයකු නම් කිරීමට කිසිදු හදිසියක් නැති බවද නාමල් රාජපක්ෂ කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් ජනාධිපතිවරණය කැදවූ පසු සති 4ත් 6ක් ඇතුලතදී එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවත් ඔහු පැවසීය.දැනටමත් තමා ජාතික සංවිධායක ලෙස එන ඕනෑම අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට බිම්මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...