අවසාන සුදුසුකම පිරික්සීමට පෙරම සුදුස්සෝ හයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 13, (LNW) කොළඹ :

මෙවර අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය අගෝස්තු 27 සිට 31 දක්වා පේරු රාජ්‍යයේ ලීමා නුවරදී පැවත්වේ.ඒ සඳහා තේරීම සඳහා අවසාන අවස්ථාව ලෙස පෙනෙන අවුරුදු 20 න් පහළ ශ්‍රී ලංකා කණීෂ්ඨ මලල ක්‍රීඩා සුරතාවලිය ජූලි 13 සිට 16 දක්වා පැවත්වෙනු ඇත.


මේ වන විටත් එම තරගාවලිය සඳහා අයෝමාල් අකලංකා (මීටර් 400 කඩුලු),මෙරොන් විජේසිංහ (මීටර් 100),නෙත්මිකා මධුශානි හේරත්තු(න් පිම්ම),ඉඳුවර විදුෂාන් (මීටර් 200),ජාත්‍ය කිරුළ (මීටර් 400) සහ ලෙසඳු අර්ථවිදු (උස) සුදුසුකම් ලබා ගෙන ඇත.හෙට තරගකාරීත්වය වැඩිවන අතර ඊට මුහුණ දීමට අද කාටත් ශාරීරික සහ මානසික අර්බූදයක් ඇති විය නොහැකිය.


මේ තරගාවලියට ආසියාවේ දෙවන තැනට පැමිණි මීටර් 100 පිරිමි සහය දිවීමේ කණ්ඩායම ද ඇතුළත් වීමට බොහෝ විට ඉඩ ඇත.විශේෂයෙන් මේ මොහොතේ ඔවුන්ට ඉහළ මට්ටමෙන් ක්‍රීඩා කරන්න අවශ්‍යය පරිසරය ලබා දීම වැදගත්ය.
මේ සමඟ වන ඡායාරූපයේ සිටින්නේ මීටර් 400 කඩුලු ඉසව්ව නියෝජනය කරන අයෝමාල් අකලංක සහ ඔහුගේ පුහුණුකරු අනුර බණ්ඩාර ය.
තවත් ක්‍රීඩා තොරතුරු සඳහා → www.sportwaynews.com

සුදුසුකම් ලැබීමේ සීමාවන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...