බැරක් ඔබාමා හා නැන්සි පෙලොසි බයිඩන් සම්බන්ධයෙන් කනස්සල්ලෙන්

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `13, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා සහ හිටපු සභා කථානායිකා නැන්සි පෙලෝසි ජෝ බයිඩන්ගේ 2024 මැතිවරණ ව්‍යාපාරය ගැන පුද්ගලිකව ‘කනස්සල්ල’ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පසුගිය දා ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති අසාර්ථක විවාදයෙන් අනතුරුව හා උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් ලෙස වැරදීමකින් ප්‍රකාශ කිරීමත් සමඟ ඩිමොක්ක්‍රටික්ස් අපේක්ෂකයන් අතර ජනාධිපති ජෝ බයිඩන්ගේ වයස හා දුර්වල ආර්ථික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රසිද්ධියේම සඳහන් කර තිබේ.

සෙනෙට් බහුතර නායක චක් ෂුමර්ට බිඩෙන්ගේ විශ්වාසය නැති බවත්, හවුස් සුළුතර නායක හකීම් ජෙෆ්රිස්ට තීරණාත්මක පණිවිඩ ලබා දීමට තරම් ශක්තිමත් සබඳතාවක් බිඩෙන් සමඟ නොමැති හෙයිනුත් පක්ෂ සාමාජිකයන් ඔබාමා හෝ පෙලෝසිගෙන් ඔවුන්ට මඟ පෙන්වීමක් අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇති අතර ඩිමොක්‍රටිකයින් කිහිප දෙනෙකු තර්ක කරන්නේ මැතිවරනයට මාස කිහිපයකට පෙර තවදුරටත් හානිය අවම කිරීම සඳහා එය පැහැදිලිව හා ඉක්මනින් ප්‍රකාශ කළ යුතු බවයි.

කෙසේ නමුත්, බයිඩන්ගේ අතිජාත මිත්‍ර ඔබාමා හෝ බයිඩන්ගේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වන පෙලොසි බයිඩන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් සඳහන් කර නොමැත.

මේවන විට ජෝර්ජ් ක්ලූනි ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් හවුස් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් දෙදෙනෙකු වන ඔරිගන්හි අර්ල් බ්ලූමෙනෝවර් සහ නිව් යෝර්ක්හි පැට් රයන් සහ නිව් යෝර්ක් ලුතිනන් ආණ්ඩුකාර ඇන්ටෝනියෝ ඩෙල්ගාඩෝ බයිඩෙන් ඇතුළු ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් දස දෙනෙකු ද ප්‍රසිද්ධියේම බයිඩන් හට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා තිබේ.

කෙසේ නමුත් ඊයේ(12)දිනයේදී මිචිගන්හි පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී ‘ඔබ ඉවත් නොවන්න’ ලෙස ප්‍රේක්ෂකාගාරය බයිඩන්ට අත්පොලොසන් දෙන විට ඔහු සඳහන් කර තිබුණේ, ‘මම කොහේවත් යන්නේ නෑ , අපි දිනනවා’ යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...