හිතුමතේ අයවෙන ත්‍රීරෝද ගාස්තුවට බස්නාහිරින් විරාමයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ (LNW):

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රී රෝද රථ සඳහා අයකළ හැකි උපරිම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙන බව සඳහන් වේ.

ත්‍රී රෝද රථ නියාමනය සඳහා ගත් පියවරට අනුවයි හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇත්තේ.

ඒ අනුව පළමු කිලෝ මීටරය සඳහා අයකළ හැකි උපරිම මුදල රුපියල් 100ක් වන අතර , දෙවන කිලෝ මීටරයේ සිට අයකළ හැකි මුදල වන්නේ රුපියල් 90ක් පමණයි.

ත්‍රී රෝද රථ හිමියන් පවසන්නේ, මෙම තීරණය එකඟවීමට නොහැකි තත්ත්වයේ ගැටලු පවතින බව වුවත්, ජනතාව පවසන්නේ මෙය ඉතා හොඳ තීරණයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...