සජබ e කොළම.

Date:

(වොෂින්ටන් මකරා)

🍎ලංකාවේ ඉහළම ව්‍යාපාරිකයන් 25 දෙනා සජිත් හමුවී රහස් කතාබහක.

🍎මඩ හා අවලාද අපහාස මැද සජිත් ඇරඔූ සක්වළ ස්මාට් පංති කාමර 300 වැන්න වන්නි මන්නාරම වන්කලයි ශා : ආනා විදුහලට. බොහෝ පක්ෂ දැන් එවැනි සංති කාමර සැපයීමට උනන්දුවීමත් සජබ ජයක් බවට අවධාරණය කෙරේ.

🍎රැකියා විරහිත උපාධිධාරීන් 50,000 ක ප්‍රශ්නය ගැන සජිත් පාර්ලිමේන්තුවේදී හඬ නගයි. 40,000 ක ගුරු හිගය පියවන්නත් නව යෝජනා ගෙනෙයි.

🍎ඩලස්, චරිත හේරත් ඇතුළු නිදහස කණ්ඩායමේ ඉතිරි කොටසත් සජබ හා සංධාන ගතවීමට සූදානම්. එම මෙහෙයුමත් ලක්ෂ්මන් පොfන්සේකාගෙන්.

🍎හිටපු ජනපති ජේ. ආර්. මුනුපුරු ප්‍රදීප් ජයවර්දනත් එජාපය හැරදා සජිත් හා සජබ සමඟ එක්වෙයි.

🍎කවුරු බය වුණත් ඇත්ත කතා කරන්න අපි බය නෑ. ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන අති අමානුෂික ප්‍රහාර අප හෙළා දකිනවා – සජිත් කියයි.

🍎කුලියාපිටිය සමගි කාන්තා සමුළුව ජලනි ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව නිම වෙයි.

🍎සජබ බුදු දහම හා සෙසු සියලු ආගම් වලට ගරු කරනවා. ඒත් ජවිපෙ හා මාළිමාව ගස් ගල් සිමෙන්ති වලට ගරු කරන්නෙ මොකටද අහලා බුදුන්ගේ පිළිම වලටත් අපහාස කරනවා. බුදු දහම ගැන කිසිදු ගෞරවයක් නැති නිසයි ජවිපෙ මුල් වරට දළදාවට ගැහුවෙ. කොට දළදාවට ගැහුවෙ ඊට පස්සෙයි. ඒ ජවිපෙන් ඉගෙන ගෙනයි – මහලේකම් රංජිත්.

🍎මොන ගේමක් ගහල හරි තව ටික කලක් බලයේ ඉන්න රටේ නායකයො හා ආණ්ඩුව දරන උත්සාහයට සජබ හා ප්‍රජාතන්ත්‍රවාදයට හිතැති ජනතාව කිසි ඉඩක් දෙන්නේ නැහැ – චන්දිම වීරක්කොඩි.

🍎2019 දි ගම්පහ දිසාවෙ 4 දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න රු 29,000 ක් ප්‍රමාණවත්ව තිබුණා. අද ඒක 71,000 වෙලා 138% කින් ඉහල ගිහින් පොහොට්ටුවයි එයාල 2005 දිනවපු රතු අයයි දැන් සෙට් වෙලා ඉන්න අයයි ඔබට කල විපතක මහත – ආචාර්ය හර්ෂ.

🍎2024 මැයි වනවිව  මත්පැන් බලපත්‍ර 1028 ක් ලබාදී රු කෝටි 3000 ක වංචාවක් හරහා එම මුදල් ආණ්ඩුවේ මැති ඇමතිවරු අතට පත්කර ඡන්ද වලට වැය කරන පසුබිමක් ඇතිකර තිබෙන බව මන්ත්‍රී දයාසිරි පාර්ලිමේන්තුවේදී කියයි.

🍎ජවිපෙ රැල්ල මුහුදු රැළ්ලටත් වඩා වැටිලා රටපුරා දේශපාලන ව්‍යාපාරයක් කරගන්න බැරි තරමට නන්නත්තාර වුණේ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති මෝඩ කතා කියන තැනට ඔවුන් වැටීම තුළයි – පියසේන ගමගේ.

🍎ඩොලර් බිලි 41 ත් ණයක් දැයි අනුර අහනවා. ඇපකරුවන් හා පොලී නැතුව ණය දෙන බැංකුවක් හදන බවත් අනුර කීමෙන් ඔහුට ඔල්මාද ද කියල හිතෙනවා. ඩො බි 41 යනු රු 41,000 ක සොච්චමක් කියල එයා හිතනවද දන්නෙ නෑ. අනික අර විදියට ණය දෙන බැංකු ලෝකෙ කොහෙද තියෙන්නෙ – සුජීව.

🍎ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතීඥ ක්‍රිස්මාල් වර්ණකුල මෙන්ම මීගමුව හා කටාන නගර සභා හා ප්‍රාදේශීය සභා වල හිටපු සියලු පක්ෂ වල සභාපතිවරු හා මන්ත්‍රීවරු සජබ හා අත්වැල් බැඳගනී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...