විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ (LNW):

අද ( 14 ) දින දී දින74 ක කාලයක් පුරා පැවැති විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඒකමතිකව තීරණය කළේය.

ඒකාබද්ධ කමිටුවට අයත් සියලුම වෘත්තීය සමිතිවල නායකයෝ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රැස් වී මෙම තීරණය ගත් අතර, යළි සේවයට පැමිණීම සඳහා වන කොන්දේසි ඇතුළත් ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒකාබද්ධ කමිටුව හෙට (15) අත්සන් කිරීමට නියමිත බද පැවසේ.

ඉන්පසු අනිද්දා (16) සිට සේවයට වාර්තා කරන බව එම කමිටු ආරංචි මාර්ග සඳහන් කළ අතර, යෝජිත ගිවිසුම සකස් කිරීම සඳහා සය දෙනකුගෙන් යුත් කමිටුවක් ඒකාබද්ධ කමිටුව විසින් පත් කරනු ලැබිණි.

මෙම වසරේ ජුනි මාසයේ සිට මාසික හිලව් දීමනාව සියයට දොළහකින් වැඩිකර ලබාදීමට කොමිෂන් සභාව උපරිම සහයෝගයෙන් ඉදිරි කටයුතු කිරීම මෙන් ම ඉතිරි සියයට දහතුනක ප්‍රතිශතය ලබන වසරේ ජනවාරි මාසයේ සිට ලබාදීමට අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම යන කොන්දේසි මෙම එකඟතා ගිවිසුමට ඇතුළත් කෙරෙන බව ද තොරතුරු වාර්තා වේ.

තවද වැඩවර්ජනය පැවැති කාලය සඳහා වන වැටුප් ඇතුළු සියලු දීමනා ගෙවීම ද එකඟතා අතර වෙයි. උසස් අධ්‍යාපන ආයතනවල සිදු වී ඇති භාණ්ඩ හෝ දේපළ අස්ථානගතවීම් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් කිසිදු වගකීමකට නොබැඳෙන බවට වන එකඟතාවක් ද ගිවිසුමට ඇතුළත් කෙරෙන බව පැවසේ.

මෙම වෘත්තීය සමිති සමග එකතුව වර්ජනයේ යෙදුණු විධායක නිලධාරීන්ගේ සංගමය පසුගිය සිකුරාදා (12 වැනිදා) සිය වර්ජනය අත්හල අතර ඔවුහු හෙට (15 වැනිදා) සේවයට වාර්තා කරන බව ද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...