ඔලිම්පික් සුදුසුකම් ලැබීමට මිලියන 225 ක් වැය කර ඇත්තේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 14, (LNW) කොළඹ :

ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු විසින් තම ආයතනික ගිණුම්වලින් ලක්ෂ 225 ක් මෙවර ඔලිම්පික් තරගාවලියට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වැය කළ බව වාර්තා වේ.මේ වන විට බොහෝ ක්‍රීඩා සංගම් මේ ක්‍රීඩකයින් වෙනුවෙන් පැරිස් ගමණට ද අයෙක් යොදා ගන්නට සමත් වී ඇතත්,එම සූදානම් වීමේදී ක්‍රීඩකයින්ට එම අවස්ථා සඳහා සහභාගි වී සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ කිරීමට හැකි මාර්ගය සකස් කර දුන්නේ ක්‍රීඩා සංවර්ධණ දෙපාර්තමේන්තුවයි.


පැරිස් ඔලිම්පික් බලාපොරොත්තුව ඇතිව ක්‍රිඩක ක්‍රීඩිකාවන් 58 දෙනෙක්ගේ සංචිතයක් පවත්වා ගෙන ගිය අතර එම සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිතාවන් වෙනුවෙන් විදේශ සංචාර ලබා දීමේදී මේ ආකාරයට රුපියල් ලක්ෂ මිලියන 225 ක් වියදම් කර තිබේ.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ ආකාරයට වියදම් දැරීමේදී බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ වෙනුවෙන් පමණක් සංචාර 13 ක් සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගමන් වියදම් දරා තිබේ.


www.sportwaynews.com වෙත පිවිස තවත් ක්‍රීඩා තොරතුරු නරඹන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...