අත්හැරීමය නිර්වාණය ……

පත් හැලීමය ගිම්හානය, අත්හැරීමය නිර්වාණය

මහගෙයක් නැති
රහ බතක් උයා කන්නැයි කියන්න⁣⁣ට
කෙනෙක් නැති
වහ බොන්න හිතෙනවායැයි කී විට
නැහැ ඔබ ජීවත් විය යුතුයි
කියන්නට කෙනෙක් නැති
සහලවා ජීවිතය උණ ගත් අය
කොයි තරම් තව වෙද
මේ මහා විශ්ව ඛේදය තුළ

ක්ලාන්තය ආනන්ද
පිපාසය ආනන්ද
නිවන් නො ගොසින් මෙහිම නොරැඳුන
ඔබ කොහෙද ආනන්ද
නිවන ය කියන්නේ ආනන්ද

පවනක් වැනි යමක් වෙද
ළය ගිනි වැදුණ උන්ට ආනන්ද
නිවන ද ඇත්තට ම නිවුම
අක්ෂර බන්ධනයක් වැනිව
වික්ෂෝප රැහැනට දණ ගැසීම ද
ඒ නිවෙන අවසාන ඉම

පත් හැලීමය ගිම්හානය
අත්හැරීමය නිර්වාණය
එච්චරයි නේද ආනන්ද

කල්පයක් නවතින්ට පුලුවන්
බුදු වුනොත් විතරයි
ස්වල්පයක් මරණීය වේදනා
සංසාර අහුමුළු අතර ඉවරයි
කල්පයක් සිහින කියන්නෙ ම
නොපීදුණ මලක සුවඳ විතරයි
ඇහෙනවද ඒ සරදම් සිනා හඬ
ආනන්ද,
ජීවිතේ කියන්නෙම බුදු වුනේ නැතිනම්
විහිළුවක් විතරයි

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...