අත්හැරීමය නිර්වාණය ……

Date:

පත් හැලීමය ගිම්හානය, අත්හැරීමය නිර්වාණය

මහගෙයක් නැති
රහ බතක් උයා කන්නැයි කියන්න⁣⁣ට
කෙනෙක් නැති
වහ බොන්න හිතෙනවායැයි කී විට
නැහැ ඔබ ජීවත් විය යුතුයි
කියන්නට කෙනෙක් නැති
සහලවා ජීවිතය උණ ගත් අය
කොයි තරම් තව වෙද
මේ මහා විශ්ව ඛේදය තුළ

ක්ලාන්තය ආනන්ද
පිපාසය ආනන්ද
නිවන් නො ගොසින් මෙහිම නොරැඳුන
ඔබ කොහෙද ආනන්ද
නිවන ය කියන්නේ ආනන්ද

පවනක් වැනි යමක් වෙද
ළය ගිනි වැදුණ උන්ට ආනන්ද
නිවන ද ඇත්තට ම නිවුම
අක්ෂර බන්ධනයක් වැනිව
වික්ෂෝප රැහැනට දණ ගැසීම ද
ඒ නිවෙන අවසාන ඉම

පත් හැලීමය ගිම්හානය
අත්හැරීමය නිර්වාණය
එච්චරයි නේද ආනන්ද

කල්පයක් නවතින්ට පුලුවන්
බුදු වුනොත් විතරයි
ස්වල්පයක් මරණීය වේදනා
සංසාර අහුමුළු අතර ඉවරයි
කල්පයක් සිහින කියන්නෙ ම
නොපීදුණ මලක සුවඳ විතරයි
ඇහෙනවද ඒ සරදම් සිනා හඬ
ආනන්ද,
ජීවිතේ කියන්නෙම බුදු වුනේ නැතිනම්
විහිළුවක් විතරයි

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...