සජබ රජයක් යටතේ තොරතුරු තාක්ෂණය 1 – 13 වසර දක්වා අනිවාර්යය විෂයයක් කර උගන්වනවා – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අධ්‍යාපන ක්‍රමය හරහා කටපාඩම් කිරීම වෙනුවට ප්‍රශ්න විසඳන්නන් සහ උත්තර සපයන්නන් බිහි කිරීම ලෝක ප්‍රවණතාවය බවත් විදෙස් රටවල අධ්‍යාපනය සකස් කෙරෙන්නේ ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ තිබෙන ඉල්ලුම සහ සැපයුම අනුව වුවත් ලංකාවේ පාසල් විෂය නිර්දේශය සකස් වෙන්නේ කුමක් පදනම් කරගෙනදැයි ප්‍රශ්නයක් මතුවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහිකරන බව පාලකයන් පවසන නමුත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ විෂයය උගන්වන්නේ 6 ශ්‍රේණියේ සිට බවත් සමගි ජන බලවේග රජයක් යටතේ එය පළමු වසරේ සිට 13 වසර දක්වා අනිවාර්ය විෂයක් බවට පත් කරන බවත් ඒ වෙනස ඇති කිරීමේදී මානව සහ භෞතික සම්පත්වල තිබෙන ඌණතාවයටද විසදුම් ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනස් කරනවා සේම රට තුළ විරැකියාව තුරන් කිරීමට කර්මාන්ත ශාලා ඇති කළ යුතු බවත් නව රැකියා උත්පාදනයට සෘජු විදේශ ආයෝජන රටට ලබාගත යුතු බවත් පැවසූ ඒ මහතා එමෙන්ම නිර්මාණශීලි තරුණ ව්‍යවසායකයන්ට සහයෝගයට ලබාදිය යුතු බවත් ඔවුන්ට අවශ්‍ය මූලික පිරිවැය ලබාදීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 329 වැනි අදියර යටතේ පොළොන්නරුව මැදිරිගිරිය ලංකාපුර කිරිමැටියන කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමට ඇදුම් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 62 කට රුපියල් ලක්ෂ 1876 ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342 ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 329 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4804 ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...

දෙහිඅත්තකණ්ඩිය සභාවේ බලය සජබෙට!

කොළඹ LNW: දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමඟි...

ශ්‍රීලන්කන් හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ...

ඉන්දියාවේ මීලඟ අත්හදා බැලීම!

රෂිකා හෙන්නායක ජූලි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නවීන බංකර්-බස්ටර් අවියක්...