ධීවරයින් 6 දෙනෙකු රැගෙන මුහුදු ගිය යාත්‍රා දෙකක් අතුරුදන්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ (LNW):

පසුගිය 7 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාපනය සහ හම්බන්තොට ධීවර වරායන්වල ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් අතුරුදන් වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.

යාපනය, පොයින්ට් පේදුරු ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් සිව්දෙනෙකු සිට ඇති බව වාර්තා වන අතර , හම්බන්තොට ධීවර වරායෙන් පිටත්ව ගිය එක්දින ධීවර යාත්‍රාවේ ධිවරයින් දෙදෙනෙකු සිට ඇත.

සුසන්ත කහවත්ත ‍ කියා සිටියේ, අදාළ ධීවරයින් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කර ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...