සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් ප්‍රචණ්ඩත්වයක් ඇති කළා – ජනාධිපති මාධ්‍ය අංශය

Date:

ඊයේ (31) නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කළ බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර මෙම කළහකාරී තත්වය ඇති කර ඇති බවයි.

එසේම මෙසේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කණ්ඩායමෙන් බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර එයින් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බවත් ඔවුන් මෙරට අරාබි වසන්තයක් ඇති කරමු යැයි හඬ නඟමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඉතා සැලසුම් සහගත ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා, රට අරාජිත කිරීමේ අරමුණින් යුතුව අදාළ කණ්ඩායම කටයුතු කර ඇතැයි අත් අඩංගුවේ පසුවන පිරිසගෙන් අනාවරණය වී ඇති බව අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වේ.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...