අගමැති ආර්යාවට විරෝධය පා නුවර එළියේදී ජනතා උද්ඝෝෂණ … !

Date:

නුවර එළිය නගරසභාව විසින් අද (01) සිට ආරම්භ කළ වසන්ත උදානය සැණකෙළියේ සමාරම්භක උත්සවය නවත්වන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් දැඩි උද්ඝෝෂණයක් හා විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ, වසන්ත උදානය සමාරම්භක උත්සවයට අගමැති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැමිණීමට නියමිත බව ප්‍රචාරය වීමත් සමගය.

මෙම උත්සව භූමියට පෙළපාලියකින් පැමිණි ප්‍රදේශවාසීන් එහි සිට විරෝධතාව දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනඥයින්ගෙන් තොරව එය පවත්වන ලෙසයි.

එමෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වීමට නියමිත බව වාර්තා වූ නුවර එළිය කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයට ද ජනතාව පැමිණ විරෝධය දක්වා ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...

K-beauty නිෂ්පාදන පැමිණෙන්නේ දකුණු කොරියාවෙන් විතර ම ද? ව්‍යාජ නිෂ්පාදන ගැන ඔබ දැනගත යුතු ම කරුණු

කොරියානු රූපලාවණ්‍ය නිෂ්පාදන, නොඑසේ නම් "K-beauty" නිෂ්පාදන ලොව පුරා...

යුක්රේනය පුරා රුසියානු ප්‍රහාර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය පුරා රුසියානු...