ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ!

Date:

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ (LNW):

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ෂණවලින් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

පසුගිය 8 වනදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයකදී ටී 56 ගිණිඅවි වලින් වෙඩි තබා ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණු අතර ,එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණවලදී මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඝාතනය සිදුකළ වෙඩික්කරුවන් හා ඔවුන් පැමිණි මෝටර් රථයේ රියදුරු කොරතොට සිට වැලිහිද දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ සැගවීම සිදුකර තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, අනෙක් සැකකරු වෙඩික්කරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවු පුද්ගලයා බවයි.

ඔවුන් වැලිපැන්න හා අහුංගල්ල ප්‍ර දේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...