විපක්ෂ නායක සජිත්ගෙන් ජනපති රනිල්ට සහ අගමැති දිනේෂ්ට අභියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය භාර නොගන්නා බව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් නොකියා හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එය කියන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට තමන් අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තමන්ගෙ රාජකීය විද්‍යාලයේ ගෝලයා දිනේෂ් ගුණවර්ධනව දමලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට සැඟවිලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව භාරගන්නෙ නැහැලු. මම දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාට අභියෝග කරනවා, මම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අභියෝග කරනවා, පුළුවන් නම් පාර්ලිමේන්තුව අස්සෙ ඕක කියන්නෙ නැතිව කොන්දක් තියෙනවා නම් එළියට ඇවිල්ලා වේදිකාවෙ කියන්න ඕක. එහෙම කිව්වොත් ඒ අයට සිද්ධ වෙනවා උසාවියට අපහාස කිරීම පිළිබඳව උත්තර බඳින්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලෙ පාස්කු ප්‍රහාරය හමුවේ ඔහු ගත්ත තීන්දු තීරණ හැසිරීම් රටාව තුළ කාලය අවසන් කරලා විශ්‍රාම ගියාට පස්සෙ ඔහුට සිද්ධ වුණා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට උත්තර බඳින්න. හොඳට මතක තබාගන්න, අනිවාර්යයෙන්ම මෙදා පාර නැවතත් වරක් අපේ රටේ පොදුජන යුගය ආරම්භ කරනකොට ව්‍යවස්ථාව කඩකරන්නට උත්තරීතර නීතිය කඩකරන්නට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කඩකරන්නට කටයුතු කරපු සියලු දෙනාටම තරාතිරම් භේදයකින් තොරව උත්තර බඳින්න සිද්ධ වෙනවායි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි”

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (27) රත්නපුරේදී පැවති “ජන පවුර” රැලිය අමතමිනි.

එම ජන රැලියට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...