මෝටර් රථයකට කංසා දමා අල්ලන්න යෑම : වීඩියෝවේ සිටි කොස්තාපල්ගේ වැඩ තහනම් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී ඒ තුළට කංසා පාර්සලයක් දමා එම මෝටර් රථයේ පැමිණි තරුණයින් පිරිසක්ව අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වී තිබුණු අතර එම නිලධාරියාට සහ පොලීසියට දැඩි සමාජ විවේචනයක් එල්ල වී තිබිණි.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම කොස්තාපල්වරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කොල්ලුපිටිය ප්‍රදේශයේදී තරුණයින් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් පරීක්ෂා කරන අතරතුර මෙම කොස්තාපල්වරයා මෝටර් රථය තුළ කංසා තබා අදාළ තරුණයින්ව අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවටයි එම වීඩියෝවෙන් චෝදනා එල්ල වී තිබුණේ. එම වීඩියෝවේ දැක්වුණු ආකාරයට අදාළ කොස්තාපල්වරයා ඒ මොහොතේදී වරදකාරී ස්වභාවයකින් හැසිරෙන ආකාරයක් ද පෙන්නුම් කෙරිණි.

ඒ අනුව කොළඹ දකුණ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග පරිදි මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව සඳහන්. ඒ, රාජකාරී වේලාව තුළ නිල ඇදුමින් බුලත් විටක් සපමින් සිටීම, රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයෙක් හෝ සහායක නිලධාරියෙකුවත් නොමැතිව රථය පරීක්ෂා කිරීම යනාදී චෝදනා කිහිපයක් යටතේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...