පොහොට්ටුවේ 40ක් රනිල්ට ඉන්නවා. කොන්දේසි විරහිතව අපි සහාය දෙන්නේ – මහින්දානන්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අතරින් 40කට වැඩි පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට එක්ව සිටින බවත් ඔවුන් ඊයේ ගාල්ලේදී පැවති ජන හමුවේ වේදිකාවට ගොඩවුණු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“අද මේ වේදිකාව දිහා බලපුවාම මෙතන ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු 40කට වැඩි පිරිසක්. මේ වේදිකාවේ ඉන්නවා නැගෙනහිර පළාතේ මුස්ලිම් නායකත්වය. අතාවුල්ලා ඇමතිතුමා මේ වේදිකාවෙ ඉන්නවා. තොණ්ඩමන් ඇමතිතුමාගෙ පක්ෂය මේ වේදිකාවෙ ඉන්නවා. අපි කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දීලා නෑ. අපි කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනවන්න කටයුතු කරලා නෑ. හැබැයි අම්මේ තාත්තේ පටු දේශපාලන පක්ෂ නෙවෙයි, පක්ෂයට කලින් රට. ඒ නිසා තමයි කොන්දේසි විරහිතව රට වෙනුවෙන් අපි සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක හිටගත්තේ කියන එක අපි තමුන්නාන්සෙලාට කියන්න ඕනෙ”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) ගාල්ලේදී පැවති “එක්ව ජයගමු” ජන රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...