දස දහසකගේ සහභාගීත්වයෙන් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් රත්නපුර දිස්ත්‍රික් සහතික ප්‍රදානෝත්සවය ඇරඹේ ! (LIVE)

0
390

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කරන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ රත්නපුර දිස්ත්‍රික් සහතිකපත් ප්‍රදානෝත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, රත්නපුර මුද්දූව ක්‍රීඩාංගණයේදී ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25කි. රත්නපුර දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛා 09ක ඉගෙනුම ලබන ඒ ඒ සිසු සිසුවියන් සම්පූර්ණ කළ අදියර අනුව අද දිනයේ ප්‍රදානය කෙරෙන සහතික පත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළුව මෙම උත්සවය සඳහා සහභාගී වී සිටින සම්පූර්ණ ජනකාය 10,000 කට අධික ය.

එම උත්සවයේ සජීව විකාශය පහතින් දැක්වේ.