විරේන් අද ඔලිම්පික් සටනට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 28, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් තරග වඳින විරේන් නෙත්තසිංහ අද තරග බිමට පිවිසෙනවා.පස්වරු 1.30 ට පැවත්වෙන මෙම තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ මැලේසියානු ක්‍රීඩක ලී ෂී ජියාය.ඔහු ලොව අංක හතට ශ්‍රේණිගතව සිටින ක්‍රීඩකයායි.
විරෙන්ට ඔහු මුහුණ දෙන ජී කාණ්ඩයේ තවත් තරගයක් පැවත්වෙන අතර එය 30 වන දා ස්පාඤ්ඤයේ ෆැබ්ලෝ ඒබියන් සමඟ පැවත්වීමට නියමිතයි. ෆැබ්ලෝ මීට පෙර විරේන්ට මුණ ගැසී ඇති සහ විරේන් විසින් පරාජය කරනු ලැබූ ක්‍රීඩකයෙක්ද වෙනවා.


පැරිස් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පළමුවෙන්ම සුදුසුකම් ලද ක්‍රිඩකයා මෙන්ම පැරසියිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමුවෙන්ම පිවිසි ක්‍රීඩකයාද වන විරේන්,ඔහු ඔලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන් සැකසි පුහුණු මධ්‍යස්තානයේ පුහුණුව ලැබීමට අමතරව,තරග පැවත්වෙන ඔලිම්පික් තරග බිමේද පුහුණුව ලැබීමට භාග්‍යය ලද ක්‍රීඩකයෙක්.මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ඔහු ඔලිම්පික් තරග බිමේ පුහුණුව ලබන අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...