Home විදෙස් ඊශ්‍රායලයෙන් ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට ප්‍රහාර!

ඊශ්‍රායලයෙන් ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට ප්‍රහාර!

0
413

රෂිකා හෙන්නායක ජූලි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ)

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙක් පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය විසින් එල්ලකර ඇති බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

නමුත් හිස්බුල්ලා සංවිධානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළේ එම ප්‍රහාරයට දරුණු ප්‍රතිචාරයක් දක්වන බවයි.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මේ හේතුවෙන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.