හිස්බුල්ලා සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායලයේ ළමුන් ඇතුළු 12 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ මජ්දාල් ෂැම්ස් හි ඩ්රූස් ගම්මානයේ පාපන්දු පිටියකට ඉරානයේ පිටුබලය ලබන ලෙබනන්හි හිස්බුල්ලා සංවිධාන එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් හේතුවෙන් ළමුන් ඇතුළු 12 දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගාසා තීරයේ ගැටුම ආරම්භයේ සිට ඊශ්‍රායලයේ හෝ ඊශ්‍රායලයට ඈඳාගත් ප්‍රදේශ වලට හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර දියත් කළ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, මෙම ප්‍රහාරය දියත් කළ හිස්බුල්ලා සංවිධානය මෙතෙක් නොගෙවූ ආකාරයේ විශාල මිලක් ගෙවනු ඇති බවටයි.

ඒ අනුව, නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික සභාග සගයා වන මුදල් ඇමති Bezalel Smotrich, X හි සඳහනක් එකතු කරමින් කියා තිබුණේ, “දරුවන්ගේ මරණය සඳහා, නස්රල්ලා ඔහුගේ හිසෙන් ගෙවිය යුතුය. ලෙබනනය සියල්ලම ගෙවිය යුතු බවයි”

කෙසේ නමුත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ චෝදනාවන් තරයේම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සඳහන් කර තිබුණේ, මෙම ප්‍රහාරය බිහිසුණු ප්‍රහාරයක් ලෙස හෙළා දකින බවත්, ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ සහය අඛණ්ඩව ලබා දෙන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...