රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):
2024 වසරේ ගත වූ මාස හයක කාලය තුළ ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙන බවත් ඉන් වැඩි ප්රමාණයක් කොළඹ දිස්ත්රික්කයෙන් ලැබී ඇති බවත්, එම අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා ප්රකාශ කළේය.
ගම්පහ සහ කුරුණෑගල දිස්ත්රික්කවලින් ද වැඩි පැමිණිලි ප්රමාණයක් ලැබෙන බවයි වාර්තා වන්නේ. මසකට මෙවැනි පැමිණිලි ගණනාවක් ලැබෙන බවද සභාපතිවරයා කියා සිටියේය.