දැනුවත්භාවයෙන් යුත් ජනසමාජයක් ගොඩනැගීමට සෑම ගමකටම E පුස්තකාලයක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ජනතාවත් දරුවනුත් තරුණයන්ටත් රටේ පවතින ක්‍රමවේද දේශපාලන විද්‍යා හා ආර්ථික විද්‍යා සාක්ෂරතාව ඇති කර ගැනීම⁣ට කටයුතු කළ යුතු බවත් රටේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන විට එහි පදනම රටේ උත්තරීතර නීතිය හා අණ පනත් ගැනත් ජනතාව දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුහුරු වැඩසටහනත් සමග ග්‍රාමනිලධාරී වසම් කේන්ද්‍ර කර ගෙන E පුස්තකාල සහ සෙසු පුස්තකාල ඇති කරන බවත් සමහර පාලකයින් ලක්ෂ 220 ම මෝඩයින් සේ සැලකුවත් අපේ රටේ ජනතාව මෝඩයින් නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එම නිසා ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ඊ- පුස්තකාල හා සෙසු පුස්තකාල ස්ථාපිත කර ඒ හරහා තොරතුරු දැන ගැනීමේ අණපනත් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ගන්නා ක්‍රියාමාර්ග ගැන දැනුවත් විය යුතු බවත් හොඳ දැනුවත් භාවයක් ඇති සමාජයක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එවිට ජනතාව රැවටිය නොහැකි බවත් දැනුවත් සමාජයක් බිහි කළ පසු දැනුවත්භාවයෙන් යුත් තින්දු ගත හැකි බවත් රටේ තාවකාලික බාරකරුවන් වන පාලකයන් ගන්නා තින්දු නිවැරදිද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය හැකි බවත් ජනතාවට ඒ ගැන අවබෝධයක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පාලකයින් මුළු රටම සින්නක්කරව ලියා ගැනිම නතර කිරීමට ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීමෙන් කළ හැකි බවත් මේ සදහා ඊ-පුස්තකාල වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 381 වැනි අදියර යටතේ කළුතර කලපුගම මේදානන්ද විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඒ මහතා පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 381ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4250ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...