රනිල් ගේම් කාරයා ඉල්ලනකම් ෂුවර් නෑ , මරාගෙන මැරෙන සටනකට යයිද දන්නේ නෑ – රනිල්ගේ පරණ හිතවතෙකු දෙගිඩියාවක

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වන බව දැන දැන තරඟයට ඉදිරිපත් නොවන පුද්ගලයෙකු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, වත්මනෙහි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ මේ මොහොතේ නියත පරාජය දැක දැකත් රනිල් වික්‍රමසිංහ මහතා සියල්ලන්ටම කළින් ඇප මුදල් තැම්පත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සැක සහිත බවයි.

නාම යෝජනා භාරගන්නා අවසන් දිනය වන තුරු තමන්ට ඒ පිළිබඳ විශාල අවිනිශ්චිත භාවයක් පවතින බවද අත්තනායක මහතා සඳහන් කර ඇත්තේ මීට පෙර අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ මහතා තමන් පරාජය වෙතැයි සිතමින් වෙනත් පුද්ගලයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ බවද සඳහන් කරමින්.

රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ ඇප තැම්පත් කර තිබුණද අවසන් මොහොතේ හෝ ඔහු තරඟ නොකරනු ඇති බවට අදහසක් පුද්ගලිකව තමන්ට ඇති බවද පවසා ඇති තිස්ස අත්තනායක මහතා අවසානයේ මරාගෙන මැරෙන සටනකට ඔහු අවතීරණ වෙතැයි සැකයක්ද තමන්ට පවතින බවද සඳහන් කර තිබෙනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...