රොෂාන් රණසිංහ තම රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තම අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පොළොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දීමට ඒ මහතා කටයුතු කර තිබේ.

MIAP