සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු පැහැරගෙන ගිහින්. මෝදර පොලිසිය දන්නෑ කියයි ?

0
727

මේ දිනවල ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක සාමකාමී විරෝධතා උද්ඝෝෂණ වැඩපිළිවෙලේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු වූ තිසර අනුරුද්ධ බණ්ඩාර ඊයේ (02) මධ්‍යම රාත්‍රියේදී නිවසට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඔහුව පැහැරගෙන යාම සඳහා සිවිල් ඇඳුමින් සැරසී ඔහුගේ නිවසට පැමිණ පිරිස පවසා ඇත්තේ තමන් මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් බවයි.

කෙසේවෙතත් අද පෙරවරුවේ ඔහුගේ හිතවතුන් සහ මාධ්‍යවේදීන් කළ විමසීමකදී මෝදර පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවන් තරුණයෙකු අත් අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවකි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

Update – 01.58 pm

මෙම තරුණයා මෝදර කොට්ඨාශ විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවත් අද පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලිසිය මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා විය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here