මීළඟ ආණ්ඩුවේ ප්‍රබලම පක්ෂය අපියි. ඔය එක එක පක්ෂවලින් අයින් වෙන අයට එන්න තියෙන තැන මෙතනයි – අමරවීර

සටහන – රුවන් නෙළුගොල්ල

මීළඟ ආණ්ඩුවේ ප්‍රබලතම පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“ඉදිරියේදී අපි වැඩ කරන කෙනා තමයි මේ රටේ ජනාධිපති වෙන්නෙ. ඒ වගේම අපි තමයි මීළඟ ආණ්ඩුවේ ප්‍රබලම පක්ෂය බවට පත්වෙන්නෙ. අදත් අපි මේ පක්ෂ අතර ප්‍රබල පක්ෂයක් බවට පත්වෙමින් යනවා, සන්ධානයක් බවට පත්වෙමින් යනවා. ඉදිරියේදී මං හිතන්නෙ දැන් ඔය එක එක පක්ෂවලින් ඉවත් වෙන කණ්ඩායම්වලට එන්න තියෙන තැන, මහගෙදර මෙතන. අපි ඒකට සූදානමින් ඉන්නවා ඒ හොඳ කණ්ඩායම් එක්ක එකතුවෙලා වැඩ කරන්න. ඒ වගේම අපි හදනවා පුළුල් සන්ධානයක්. ඒ සන්ධානයට ඇවිල්ලා කට්ටියට එකතුවෙන්න පුළුවන්. ඒකෙ නීතිමය වශයෙන් සම්පූර්ණ ක්‍රියාවලිය මේ වෙනකොට අවසානයි. නඩු නෑ, හබ නෑ, මොකුත් නෑ. ඊළඟ මැතිවරණයක් තරග කරන්න පුළුවන් සන්ධානයක් අපි ගොඩනඟලා තියෙනවා. ඒක අපි ඉතාම කෙටි කාලයක් තුළ එළිදක්වන්න කටයුතු කරනවා”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...