(VIDEO):දිනන්න පුළුවන් ජන්දේ ඇවිත් තියෙන්නේ.2024 ජන්දේ අපි දිනන්නම ඕනේ – AKD

Date:

කොළඹ LNW:දිනිය හැකි ජන්දය පැමිණ තිබෙන අතර ඒ අනුව 2024 ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය දිනිය යුතුම බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ, ඊයේ (30) අනුරාධපුර බුල්නෑව ගොවි සමුළුව අමතමිනි.

පක්ෂ පාට නොසලකා සියලු දෙනා එක්කරගමිනි ගමේ ජන්ද පෙට්ටිය ජාතික ජන බලවේගය වෙනුවෙන් පිරවීමට ගමේ ජනතාව මැදිහත්විය යුතු බවටයි අනුර දිසානායක මහතා කියා සිටියේ.

එමෙන්ම කිසිලෙසකින්වත් වැරදි තීන්දු සඳහා අත ඔසවපු පාර්ලිමේන්තුවේ කිසිවෙක් ජාතික ජන බලවේගයට එක්කර නොගන්නා අතර හොරු,දුෂිතයින් අවශ්‍ය නැති බව හෙතෙම ප්‍රකාශ කළේය.

මෙතෙක් පාලකයින් ආණ්ඩු හැදුවේ උඩ සිටින පිරිසට වුවත් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් හදන්නේ පොදු ජනතාව වෙනුවෙන් වන අතර ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිකම් නළලේ කොටගෙන පැමිණ නැති බවත් පොදු ජනතාව සමඟ දේශපාලනය කරමින් ඒ දුක විඳිමින් පැමිණි අය බවටත් අනුර දිසානායක මහතා කියා සිටියේය.

මේ වන විට වරප්‍රසාද, ඇමති ධූර වෙනුවෙන් පොහොට්ටුවේ පිරිසක් රනිල් වික්‍රමසිංහ වෙත බඩ පිනුම් ගසා ඇති ආකාරයද දිසානායක මහතා පැහැදිලි කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...

කළු සුදු පින්තූරකරණයට වර්ණයක් ලබා දුන් 2025 AAP සඟරා සම්මාන උළෙලේ රහ තැන්!

සටහන – පුලී අගෝස්තු 05, කොළඹ (LNW): කළු සුදු ඡායාරූපකරණයේ...