පලස්තීනයට එරෙහි ඊශ්‍රායලයේ පහර දීම් දින 300 ඉක්මයි – ජන සංහාරය වහා නවතනු. කොළඹදී විරෝධතාවක්!

Date:

කොළඹ LNW: ඊශ්‍රායල තවදුරටත් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයන්ට විරෝධය පළකරමින් පලස්තීන ජනතාවට සහය දක්වා මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය විසින් අද (02)කොළඹ දවටගහ පල්ලිය අසලදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

පසුගිය ඔක්තෝම්බර් 07 සිට දින 300ක් පුර ඊශ්‍රායලය අඛණ්ඩව ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පසුවෙයි.

මෙම ජන සංහාරය හා බලහත්කාරී අත්පත්කරගැනීම් වහා නවත්වන ලෙසයි විරෝධතාකරුවන් බලකර සිටියේ.

විරෝධතාව පැවති ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරුද දක්නට ලැබුණි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පුද්ගලයින් 39480ක පමණ පිරිසක් ඝාතනය වී තිබෙන අතර ඉන් 16314ක් දරුවන් බව වාර්තා වෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/683/Palestine%20belongs%20to%20the%20palestinians

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...