විද්‍යුත් වීසා සේවාවන් විදෙස් සමාගම් දෙකකට පැවරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

විද්‍යුත් වීසා සේවාවන් සැපයීමේ කටයුතු විදෙස් සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම්. ඒ. සුමන්දිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

එමෙන්ම අදාළ විදෙස් සමාගම් දෙක සමග ඇති කරගෙන ඇති ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...