යුක්තිය මෙහෙයුම පෙන්නා ලක්ෂ එකහමාරක් අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු වත්තල, මහබාගේ අධිකරණයේ රථගාල ඉදිරිපිට මාර්ගයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (02) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය විකුණන බවට යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයට ඇතුළත්ව ඇතැයි පවසා ඇති පොලිස් සැරයන්වරයා ඔහුගේ නම එම ලේඛනයෙන් ඉවත් කර දීමටත් ඔහුගේ නිවසට නිරන්තරයෙන් පොලිසිය පැමිණ පරීක්ෂා කිරීම නොකර සිටීමටත් ඔහුට මින් ඉදිරියට කරදරයකින් තොරව ජීවත් වීමට ඉඩදීම වෙනුවෙනුත් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...