යුක්තිය මෙහෙයුම පෙන්නා ලක්ෂ එකහමාරක් අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු වත්තල, මහබාගේ අධිකරණයේ රථගාල ඉදිරිපිට මාර්ගයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (02) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය විකුණන බවට යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයට ඇතුළත්ව ඇතැයි පවසා ඇති පොලිස් සැරයන්වරයා ඔහුගේ නම එම ලේඛනයෙන් ඉවත් කර දීමටත් ඔහුගේ නිවසට නිරන්තරයෙන් පොලිසිය පැමිණ පරීක්ෂා කිරීම නොකර සිටීමටත් ඔහුට මින් ඉදිරියට කරදරයකින් තොරව ජීවත් වීමට ඉඩදීම වෙනුවෙනුත් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...