රටකින් එහා ඉගිළී ….

ඇසෙන මායිමේ අවන්හලක
අද මධු සාදයකි
වීදුරු හැපෙනහඬ සිනාසෙන හඬ
දෙසවන රැව් දෙන රැයකි

මිල්ටන් ජෝතිපාල ප්‍රියා කඩුගන්නාව නැග
එහා වත්තේ නතරවූ සෙයකි
එකක් පසුව එකක් උන් දැන්
අසා පුරුදු විරහ ගීම ගයති

ඉස්සර දවස් වල අවන්හල් වල රෑවල
ගත කෙරූ මොහොත් සිහිවෙයි
එදා මිතුරන් අද කොහේ ඇද්දැයි
වියපත් මහද මගෙන් විමසයි

ඔබෙන් දුරස් වී හෙට දින නැවු නගින
මාගැන දන්නා එකෙක් මෙන් යමෙක්
හද රිදවනම ප්‍රියාගේ ගීය ගයයි..

“රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා
අද මෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ..”

හදෙහි කැබලී බිඳී විසිරෙයි
යලි කිසිදාක හමු නොවෙන ඔබ සිහිවෙයි !

~ MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...