*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

ප්‍රසන්නට විරුද්ධව ගම්පහ හිටපු සභාපතිවරුන් ගේමට බහී. පැන්න අයගේ රහසුත් එළියට !

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුර කරා ගොස් සිටියත් බිම් මට්ටමේ බලය ඇති පළාත් පාලන නියෝජිත කණ්ඩායම තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය පවසයි.

ඔවුන් මේ බව පැවසුවේ ඊයේ (03) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොළ මහතා,

“මේ ජනාධිපතිවරණයේදී බිම්මට්ටමේ ශක්තිය පෙන්වන්න ඉන්න හොඳම කණ්ඩායම තමයි ප්‍රාදේශීය සභා කණ්ඩායම, එහෙම නැත්නම් පළාත් පාලන කණ්ඩායම. ඒ කණ්ඩායමේ බලය තාම පොහොට්ටුවෙන් ගිළිහිලා නෑ. පක්ෂය ආරක්ෂා කරගෙන යන කණ්ඩායම තමයි පොහොට්ටුවේ ඉන්න හොඳම කණ්ඩායම, ගමේ ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඉන්න පොහොට්ටුවේ කණ්ඩායම. අපි බස් හෝල්ට්වල අත උස්සන කණ්ඩායමක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන්න. අපි පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයෙන් ගන්න තීන්දුත් එක්ක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයාත් එක්ක තමයි අපි සියලු දෙනා වැඩ කරන්නේ”

මහර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනී සුදීමා චාන්දනී මහත්මිය,

“පක්ෂය අතැරලා පක්ෂයේ හිටපු නායකවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතනවල බහුතරයක් සභාපතිවරු, උපසභාපතිවරු, නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු වගේම අපේ පළාත් පාලන ආයතන මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා, අපේක්ෂකවරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැරලා ගිහිල්ලා නෑ. අපි සියලු දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න එක සිතින් සැදී පැහැදී සිටිනවා. පක්ෂයේ නායකත්වය කියන දෙයක් තමයි අපි කරන්නෙ කියන එක පැහැදිලිවම කියන්න ඕනෙ”

මෙම මාධ්‍ය හමුව ඇමතූ තවත් පළාත් පාලන නියෝජිතයකු පැවසුවේ “අද අපෙන් කණ්ඩායමක් ගියායි කියලා කියනවා. හැබැයි මේ අය ගියේ නිකම් නෙවෙයි. පෙළක් අයට වයින් ස්ටෝර්ස් තුනක් දුන්නා. පෙළක් අයට වාහන පර්මිට් එකක් දුන්නා. පෙළක් අයට කෝටි ගණන් මුදල් දුන්නා. මේවා අරගෙන ගිහිල්ලා තමයි මේගොල්ලෝ අද රනිල් වික්‍රමසිංහගෙ තුරුළෙ ඉන්නෙ. ඔය කවුරු ගියත් ගමේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අත්හැරලා එළියට යන්නෙ නෑ කියන එක අපට දැඩි විශ්වාසයෙන් කියන්න පුළුවන්” යනුවෙනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan