වෙඩිතැබීමේ සිද්ධි පෝලිමක්. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ නිවසක දී අද අලුයම 02.45ට පමණ සිදු කළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්.

එසේම ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසකදී අද අලුයම 03.30 ට පමණ 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මේ අතර කරාඬුගල පොලිස් ස්ථානය තුළදී අද අලුයම 04.10 ට පමණ 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙසේ දිවිනසාගත් පොලිස් නිලධාරියා ඉහත කී 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයාට, 54 හැවිරිදි කාන්තාවට සහ 17 හැවිරිදි දියණියට වෙඩිතබා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මීට අමතරව සෙවණගල ප්‍රදේශයේ නිවසක සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...