Keir Starmer විශේෂ රැස්වීමක් කැඳවයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බ්‍රිතාන්‍යයේ හටගෙන ඇති නොසන්සුන්තා මැඩලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විශේෂ රැස්වීමක් කැඳවා තිබෙන අතර, බ්‍රිතාන්‍යයේ නගර රැසක මෙම සති අන්තයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්විය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්,  රොදර්හැම් හි සරණාගතයින් නවාතැන් ගන්නා හෝටලයකට එල්ල වූ ප්‍රහාරය හෙළා දැකීමෙන් පසුව ඊට සම්බන්ධ වූවන්ට නීතියේ උපරිම ලෙස ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වීමෙන් පසුවයි මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ. බ්‍රිතාන්‍යයේ ටැම්වර්ත්, මිඩ්ල්ස්බ්‍රෝ, බෝල්ටන්,හල් හා වේමවුත් යන ප්‍රදේශ වල මෙම විරෝධතා වාර්තා වනවා.

ඊයේ ජාතිය අමතමින් ප්‍රචණ්ඩ කාරීන් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය ඕනෑම දෙයක් සිදු කරන බවට අගමැතිවරයා පොරොන්දු වී තිබෙනවා. අද පැවැත්වෙන විශේෂ රැස්වීමෙන් පසු ගන්නා නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...