*
Wednesday, January 15, 2025
spot_img

Latest Posts

පොහොට්ටුවට ඉතුරු වෙන්නේ සාගර කාරියවසම් විතරක් වෙන්නත් පුළුවන්!

කොළඹ LNW:පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතුරු වන්නේ පත්කළ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පමණක් විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ වන විට පක්ෂයේ ජාතික කැඳවුම්කරු ද තමන්ගේ මතය ප්‍රකාශ කර තිබෙන අතර ඉදිරියේදී පක්ෂයේ භාණ්ඩාගාරිකවරියද සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”දේශපාලන මණ්ඩලය වශයෙන් කැඳවපු අවස්ථාවේදීත් අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර දෙනා එම මතය ප්‍රකාශ කළා. සමහර පිරිස්වලට එදා මතය ප්‍රකාශ කෙරුණේ නැති වුණත් ඒ මතයේ තමයි හිටියේ. ජාතික කැදවුම්කරු ඒ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. හෙට අනිද්ද වනවිට ඇහෙයි භාණ්ඩාගාරිකවරිය ඒ මතය ප්‍රකාශ කරලා තියෙනවා කියල. මොකද පවිත්‍රා වන්නාරච්චි මැතිණියගේ බල මණ්ඩලය කැඳවූ අවස්ථාවේදීත් සියලුම දෙනා ඉල්ලා සිටියේ ජනාධිපතිතුමාට සහය දෙන්න කියල. එතුමියටත් ඒක මඟහරින්න පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් පක්ෂයට ඇත්තටම ඉතුරු වෙන්නේ ප්‍රධාන ලේකම් කියන පත්කරපු සාගර කාරියවසම් විතරයි. අපේ මතය පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ප්‍රකාශ කරන වෙලාවේ එතුමා හිටියේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ඉන්න මතයට වඩා තදින්ම විරුද්ධ මතයක. ඒ නිසා තව කීදෙනෙක් ඉතුරු වෙයිද මම දන්නේ නැහැ.” යනුවෙන් කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව යමින් ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ගත් තීරණය හේතුවෙන් කංචන විජේසේකර මහතා මාතර දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කර එහි වැඩ බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා පත්කර තිබේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉවත් කරන ලද ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා එම තනතුරට පත් කර තිබෙන අතර අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයේ සිටි එස්.එම්.චන්ද්‍රසේන මහත වෙනුවට නාමල් රාජපක්ෂ මහතා පත්ව ඇත.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඉවත්කර රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා එහි වැඩ බැලීමට පත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan