තරුශිගේ තරු ගුණය ඉව වැටුණු IOC

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 06, (LNW) කොළඹ :

තරුශි කරුණාරත්න ආසියාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලේ මීටර් 800 නියෝජනය කළ එකම ක්‍රීඩිකාව වුවාය.ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ තරුශි,තවමත් 19 හැවිරිදි වියේ පසුවන අතර බලධාරීන්ගේ කුඩා,කුඩා නොසැළිකිලිමත්කම් වීම් මැද ඉතා අපහසුවෙන් අවසානයේ මීටර් 800 ඉසව්ව සඳහා ඔලිම්පික් නියෝජනයට වරම් දිනා ගත්තාය.


තවත් දිගු කාලයක් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට හැකියාව සහ කාලය ඇති තරුශි මෙවර ඔලිම්පික් උළෙලේ සිය ධාවන තරගයට අඳින ලද ක්‍රීඩා ඇඳුම ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි කීර්තිමත් IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකඟතාවය පළ කර ඇත්තේ ඇයගේ අනාගතය පිළිබඳ විශ්වාසයකින් ද විය යුතුය.


ඔලිම්පික් ගම්මානයේ පැවති උත්සව අවස්ථාවකදී IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශන හා වැඩසටහන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඈන් ජැකාර්ඩ් මෙනවිය වෙත අත්සන යෙදූ තරුශිගේ ඇඳුම් කට්ටලය උත්සවාකාරයෙන් පිරිනැමිණි. ඇයගේ පරිත්‍යාගය සහ එයින් ලැබෙන ගෞරවය අගයමින් තරුෂිට IOC සභාපති තෝමස් බැච් විසින් අත්සන් කරන ලද සහතිකයක් ද ඉදිරියේ දී ලැබෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...