*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

පොහොට්ටු අපේක්ෂකයා ප්‍රකාශ කිරීම හෙට උදේ 07.00ට නෙළුම් මාවත කාර්යාලයේදී!

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම හෙට පෙරවරු 07.00ට බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් එම අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ලිපියක් නිකුත් කරමින් තමන් අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බවට නිල වශයෙන් දන්වා තිබේ.

කෙසේවෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අද මාධ්‍යයට අදහස් දක්වමින් පොහොට්ටුවේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සගාර කාරියවසම් මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරන අපේක්ෂකයා අනිවාර්යයෙන් 09 වෙනි විධායක ජනාධිපති ලෙස පත්වන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan