*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

පැරිස් ගමණේ හරීන් සහ ශෙමාල් ලකුණු

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 08, (LNW) කොළඹ :

ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අප තුළ සියයට සියයක පැහැදීමක් නැත.විශේෂයෙන්ම රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔවුන්ගේ හැසිරීම එම ක්‍රීඩාවේ ප්‍රගතියට කිසිසේත්ම අදාළ නොවන ක්‍රීඩා සමාජ කිහිපයක ආධිපත්‍යයට,පුද්ගලයින් කිහිප දෙනෙකුගේ රුචිකත්වය පරිදි එම ක්‍රීඩාව නතු කිරීමේ උවමනාවෙන් යුක්ත බව පෙනෙන්නට ඇත.එයට ක්‍රීඩා අමාත්‍යවරයා ද,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද සෘජුව වගකිව යුතු බව අපි විශ්වාස කරන්නෙමු.


එහෙත් බොහෝ ක්‍රීඩා සම්බන්ධයෙන් ගත් විට මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා ක්‍රිඩාවේ දියුණුව විමධ්‍යගත කරමින් සිටින බව පැහැදිළිය.එසේම මෙවර ඔලිම්පික් නියෝජනයේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ද මේ දෙදෙනාටය.ක්‍රීඩකයින් සහ ක්‍රීඩා පුහුණුකරුවන්ද මේ තත්ත්වය විශ්වාස කරන බව අපි දනිමු.


රටක ඇමතිවරයෙක් හෝ නිලධාරියෙක් එරට ක්‍රීඩකයින් හය දෙනෙක් ඔලිම්පික් යැවීම සඳහා කැපවුවා යන්න බොහෝ දියුණු රටවලට ප්‍රවෘත්තියක් නොවන බව අපි දනිමු.එරට ඔවුන්ට මැදිහත් වීමට අවශ්‍යය නැත.ඒවා ක්‍රියාවට නැඟෙන ක්‍රමවේද විසින් ඉදිරියට තල්ලු කර ජයග්‍රහණ බවට පත් කරයි.ඒත් ලංකාවේ එවැනි වාතාවරණයක් නැත.ලංකාවේ ක්‍රීඩා පරිපාලන ඒකක ක්‍රීඩා අමාත්‍යංශය දෙසට හැරුණු පිං කැට මට්ටමේ ඒවාය.නිලවරණ කාලයට ගහ ගැනීම් බැන ගැනීම් අධිකරණයට යාම් බහුලය.


එහෙත් එතැන් සිට වැඩ හැටියට සැළසුමේ තිබෙන්නේ ක්‍රිඩා අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලා වැඳ වැටීමය.ක්‍රීඩා අමාත්‍යවරුද අමාත්‍යංශයද ඒවාට කැමත්තක් ඇති වග පෙනෙයි.දන්සල් දොරේ දුගියන් සිටිනවාට රජවරු කැමතිය.උපයන මට්ටමට,ස්වාධීන වූ දැණුම් පරාසයක් සහිත අභියෝග කළ හැකි පිරිස් එවැනි පරිසරයක නිර්මාණය වන්නේ නැත.එසේ නොවන්නේනම් ක්‍රීඩා පනතේ වෙනස් විය යුතු ඉහළම තැන බලයට පැමිණෙන නිලධාරි කණ්ඩායම් නිලවරණයට පෙර තමන්ගේ කාලයට අයත්වන ජාත්‍යන්තර තරග,එසේම අලුතෙන් කරන්නට බලාපොරොත්තුවන ඉසව් ආදිය සම්බන්ධයෙන් වැය කරන්නට බලාපොරොත්තු වන මුදල් සහ ඒවා සොයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සහතිකයක් නිලවරණ අයදුම්පත සමඟ යොමු කිරිමය.
එවැනි දෙයක් සිඳු වන්නේ නැත.වියදම් කර බලයට පැමිණ ඉනික්බිතිව සිඳු කරන්නේ ක්‍රීඩාව පාලනය කරන්න වියදම් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටීමය.මෙවැනි තත්ත්වයක රොෂාන් රණසිංහ සමයේ අපූරු දේවල් සිඳු විය.සල්ලි දෙන්නේ නැතුව පමණක් නොව අතින් වියදම් කරගෙන යන නිලධාරීන්ටත් පොලු දමා සිය උපදේශකයන්ගේ උවමනාව හරහා හැසිරිණ.අර්ජුන රණතුංග එවැනි තීරණ ගැනීමේ බලධාරියා බව රොෂාන් රණසිංහත්,මලල ක්‍රීඩාව වැනි විෂය පථයකදී අත්දැකීම් ඇති මලල ක්‍රිඩිකාවක ලෙස ශ්‍රියාණි කුලවංශ එවැනි දේ සඳහා උපදෙස් දෙන බව අර්ජුණ රණතුංගත් පැවසුවේ තම තමන්ගේ නිර්වද්‍යතාවය සම්බන්ධයෙන් සහතික වෙමින්ය.


දන්නා තරමට තවමත් ශ්‍රියාණි අමාත්‍යවරයාට අවශ්‍යය උපදෙස් දෙන වගකීමක සිටින අතර රොෂාන් රණසිංහ සහ අර්ජුනගේ සමයේ බොහෝ තැන්වලදී සංචාර සඳහා මුදල් ලැබුණේ නැත.හොයා ගත්තද එය අමාත්‍යංශයට පිටින් යාමක් ලෙස සළකා එවැනි දේ අමාත්‍යංශය හරහා කරන හැටියට බලපෑම් කර අවස්ථා ද තිබිණ.ඒ ආකාරයට එක් සංචාරයක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබා ගත් මුදලක් මහා භාණ්ඩාගාරයට යවා මාස ගණනකට පසු පැමිණි බව අපි දනිමු.එතෙක් ඒ සඳහා ණය වි පවා මුදල් සෙවූ නිලධාරි පොලී ගෙවමින් ඉවසා සිටින්නට ඇත.


මේ ආකාරයට තිබුණු ක්‍රිඩා අමාත්‍යංශය හරීන් ප්‍රනාන්දුගේ පැමිණීමෙන් පසු වෙනස් විය.ඔහුගේ උපදෙස් මත ඔලිම්පික් යා හැකි මට්ටමේ පිරිස් සොයා වෙහෙසුණේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාය.එවැනි හැකියාවක් ඇති සියලු දෙනා වෙනුවෙන් සුදුසුකම් සපුරා ගැනීමට අවශ්‍යය තරගාවලි සඳහා අනුග්‍රහය දෙන්නට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.මේ සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා මේ සුදුසුකම ලබා ගැනීම සඳහා සහභාගි වූ විදේශ තරග සඳහා යොමු කළේ ක්‍රිඩා අමාත්‍යංශය බව අප සිහිපත් කළ යුතුය.
බැඩ්මින්ටන් පරිපාලනය විරේන් නෙත්තසිංහ වෙනුවෙන් ඊට පෙර විශාල මුදලක් වැය කර තිබිණ.ඒ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වැය කර මුදල් ලෙස පෙණුනත් එහිදි වැඩි බරක් දැරුවේ රොහාන් ද සිල්වා බව අපි දනිමු.මේ මුදල් ද සමහර විට ඉදිරියේ දී ක්‍රිඩා පණත වෙනස් කිරිම නිසා රොහාන්ට නිලය අහොසි වීමෙන් බැඩ්මින්ටන්වලට නැති වෙන්නට ඇත.
අප වැනි රටක අත්දැකීම් අනුව දැනෙන දේ වයස,ක්‍රීඩාවට සම්බන්ධ වී තිබීම මෙන්ම කී වරක් තනතුරු දරා ඇද්ද යන්න ක්‍රීඩාවේ නාමයෙන් ක්‍රීඩාවේ නීතියෙන් ඉවත් විය යුතුය.ඒවා ගැනීමට එඩිතර වන්නට හරීන් ප්‍රනාන්දු ද එකඟ නොවනු ඇත.ක්‍රීඩාවට අවශ්‍යය එයට ආදරේ කරන,පරිපාලන හැකියාවක් තියෙන,මුදල් වියදම් කළ හැකි මිනිස්සුය.ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට සංචාර සඳහා වැය කරන මුදල් ඉතුරු කරගෙන මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න,ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා බිම් සකසන්න මුදල් වැය කරන්න ක්‍රීඩා අමාත්‍යංශයට හැකියාව තිබෙනවානම් ප්‍රතිපල මීටත් වඩා යහපත් වන්නට තිබුණු බව අපේ විහ්වාසය වන්නේය.

කෙසේ වුව ක්‍රිඩකයන්ගේ පහසුකම් තඹයකට මායිම් නොකළ සහ හැකියාවන් ගැන කිසිඳු විශ්වාසයක් නොමැතිව ජාතික ඔලිම්පික් කමිටුව මේ ආකාරයට තෝරා ගන්නා ලද ක්‍රීඩකයන් ගැන සිතුවාද යන්න මුල සිට අගට සොයා බලන්නට ක්‍රිඩා අමාත්‍යංශයට හෝ අමාත්‍යවරයාට හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකියාවක් නොලැබිණ.අරුණ දර්ශන සම්බන්ධයෙන් නැවත පැමිණීම සඳහා ගුවන් ටිකට් පත් සකසා තිබුණේ මූලික තරගවලින් පසුව නැවත ලංකාවට එන ලෙසය.එය පසුව වෙනස් කරන්නේ ඔහු අවසාන පූර්ව තරගවලට පැමිණි පසුවය.ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් අත්දැකීම් වෙනුවෙන් ඔලිම්පික් බිමේ රඳවා ගැනීම වෙනුවට දැන් රැදි සිටින්නේ අත්දැකීම් උපයා ගැනීම පිණිස මේ සංචාරයට එකතු කර ගත් නිලධාරිය.


මේ ලංකාවේ හැටිය.එවැනි තත්ත්වයක ඇතැම් ක්‍රිඩාවන් ගැන ඉතාම පටු විදිහට කටයුතු කරමින් සහ ක්‍රීඩාවේ අවශ්‍යතාවය වෙනුවට ස්වීය රුචි අරුචිකම් මත තීරණ ගනිමින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කළ සැළසුම්වල හවුල්කරුවන්ව සමීප කරගෙන වැඩ කළත්,හරීන් ප්‍රනාන්දු සහ ශෙමාල් ප්‍රනාන්දු නොවන්නට මේ ඔලිම්පික් ගමණට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යන්නට වන්නේ බොහෝ විට ජාතික කොඩිය ගත් ජාතික ඔලිම්පික් කමිටුවේ කිහිප දෙනෙක්ට පමණක් වන්නට තිබුණු බව පැවසිය යුතුමය.ලංකාවේ හැඩය ගත් විට මේ සඳහා හරීන් සහ ශෙමාල් දැක් වූ දායකත්වය අපි කොන්දේසි විරහිතව අගය කරන්නෙමු සහ ගරු කරන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan