සමාජ ජාලා මාධ්‍ය සඳහා පනවා ඇති අවහිරතා වහාම ඉවත් කර ගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබෙනවා. විදුලි සන්දේශ නියාමන කොමිසම සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත මෙම දැනුම් දීම සිදු කර තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසන්නේ සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීම හේතුවෙන් විදුලි කප්පාදුව පිළිබඳව තොරතුරු විදුලි පාරිභෝගිකයන් වෙත දැනුම්දීම අපහසු වී ඇති බවයි. විදුලි කප්පාදුව පිළිබඳව දැනුවත්වීම සඳහා ජනතාව සමාජ ජාලා මාධ්‍ය භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.
මේ නිසා සමාජ මාධ්‍ය ජලා වෙත සිදුවන සියලු අවහිරතා කඩිනමින් ඉවත් කරන ලෙසයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා දැනුම් දෙන්නේ.
UN