“ගාසා හි ළමා අරමුදල”ට තවත් මුදලක් ලබාදෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ (LNW):

ඊයේ (07) දින “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) “ වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-) මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (H. E. Dr. Zuhair M H Dar Zaid) සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ (UNRWA) එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota)යන මහත්ම මහත්මින් වෙත ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත කරන ලද යෝජනාවක් අනුව 2024 මාර්තු මස 04 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගාසා තීරයෙහි පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමුන්ගේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීම පිණිස ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන පසුගිය ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදන ද මෙම අරමුදල වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අරමුදල වෙත ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල පළමු අදියර යටතේ 2024-04-01 දින පලස්තීන රජය වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

එසේම ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව ව්‍යාපාරික ආයතන, විවිධ සංවිධාන හා පොදු මහජනතාව විශාල වශයෙන් එම අරමුදල සමඟ අත්වැල් බැඳගනු ලැබීය. ඒ අනුව 2024 ජූලි 31 දින දක්වා අරමුදල වෙත ලැබුණු ඇමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනුදහසක (590,000/) මුදල ද මෙලෙස ඊයේ දින පලස්තීන රජය වෙත භාර දීම සිදු විය.

අරමුදල සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි 31 දිනෙන් අවසන් කෙරුණු අතර ඒ සමඟ මානුෂිකත්වයෙන් අත්වැල් බැඳ ගත් සියලු ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පිරිනමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...