හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්

සටහන – රුවන් නෙළුගොල්ල

පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අගෝස්තු 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, ඔහුව පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (ජුලි 30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ 2010 වසරේදී කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත සමරවීර නමැති අයෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරේ නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන සිටි සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව ජුලි 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...