*
Friday, October 11, 2024
spot_img

Latest Posts

අන්තර්වාර රජයේ ශිෂ්‍ය නියෝජනය

බංග්ලාදේශයේ අන්තර්වාර ආණ්ඩුව හෙවත් අන්තර්වාර උපදේශක කමිටුවට අරගල නායකයින් වූ සිසුන් දෙදෙනෙකුද ඇතුළත් කරගෙන තිබෙනවා. ඒ, නහිඩ් ඉස්ලාම් හා අසිෆ් මහමුද්. ඔවුන් දෙදෙනාම ධාකා සරසවියේ සිසුන්.

සමාජ විද්‍යාව හදාරන නහිඩ්ගේ වයස අවුරුදු 26ක්. වාග් විද්‍යා සිසුවෙක් වන අසිෆ් වයස අවුරුදු 26කට මදක් අඩු තරුණයෙක්.

ඡායාරූපයේ ආචාර්ය මොහොමඩ් යුනුෆ්ට දකුණු පසින් සිටින්නේ නහිඩ් ඉස්ලාම්. වම් පසින් සිටින්නේ අසිෆ් මහමුද්. අරගල නායකයින් වූ ඔවුන් දෙදෙනා ඇතුළු තවත් බොහෝ දෙනෙකු ෂෙයික් හසීනාගේ රජය විසින් පැහැරගෙන ගොස් වධ බන්ධනයට ලක් කළ අතර පසුගිය කාලය තුළ එසේ පැහැරගනු ලැබූ බොහෝ දෙනෙකුට නැවත යහතින් පැමිණීමට වාසනාවක් තිබුණේ නැහැ.

අසිෆ් මහමුද්ව පැහැර ගනු ලැබුවේ ජූලි 19 දිනයි. එහිදී අරගලය අත්හිටවූ බවට ප්‍රකාශයක් කරන මෙන් බල කරමින් ඔහුට වද දී තිබුණු අතර හොඳ සිහිය නැති වන පරිදි කිසියම් ඖෂධයක් හෝ මත්ද්‍රව්‍යයක් දිගින් දිගටම එන්නත් කර තිබුණා. දින පහකට පසුව, ජූලි 24 දින ඔහුව පැහැර ගත් තැන ආසන්නයේම මහ මග දමා ගොස් තිබුණා. ඔහු නැවත යථා තත්ත්වයට පැමිණියේ දින ගණනාවක වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුවයි.

ජූලි 19 දිනම නහිඩ් ඉස්ලාම්වද මුල් වරට පැහැර ගෙන යනු ලැබුවා. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි 25 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ඔහුව පැහැර ගෙන යාමෙන් අනතුරව දෑත් හා දෑස් බැඳ ශාරීරික හා මානසික වද හිංසා පමුණුවා තිබුණා. දින දෙකකට පසුව, ජූලි 21 දින ඔහුව සිහි විසංඥ තත්ත්වයෙන් පාලමක් යට දමා ගොස් තිබියදී හමු වීමෙන් පසුව රෝහලකට ඇතුළු කළා. ඉන් පසු, ජූලි 26 දින නැවත වරක් ඔහුව එම රෝහලෙන් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර තිබුණා. බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය සාමූහික කටයුත්තක් වුවත්, නහිඩ් ඉස්ලාම් අරගලයේ ප්‍රධානම නායකයා සේ සැලකෙනවා.

ආචාර්ය මොහොමඩ් යුනුෆ් ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන අන්තර්වාර උපදේශක කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස බංග්ලාදේශ මහ බැංකුවේ හිටපු අධිපති වරයෙකු, අරගලයට සහයෝගය දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු, හිටපු නීතිපතිවරයෙකු හා නියෝජ්‍ය නීතිපතිවරයෙකු, හිටපු විදේශ අමාත්‍යංශ ලේකම් වරයෙකු, හිටපු මැතිවරණ කොමසාරිස් වරයෙකු ඇතුළු කණ්ඩායමක් තෝරා පත් කරගෙන තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan