පෞද්ගලික මාධ්‍යජාලයකට අදාළව තුන්වන වරටත් මැ.කොමිසමට පැමිණිලි!

Date:

ප්‍රසිද්ධ පෞද්ගලික මාධ්‍යජාලයක් හරහා දිගින් දිගටම මැතිවරන නීති උල්ලංඝනය කරමින්, සමගි ජන බලවේගය ප්‍රවර්ධනය වන අන්දමින් හා අනෙකුත් අපේක්ශකයන්ට අපහාස වන අයුරින් අධිකරනයකදී ඔප්පු නොවූ චෝදනාවන්ට ලක් කරමින් සිදුකරනු ලබන මාධ්‍ය අවභාවිතය පිලිබද “ශ්‍රී ලංකා රිෆෝම්ස් ” සංවිධානය මගින් මැතිවරණ කොමිසන් සභාව වෙත තුන්වරක් පැමිණිලි කර ඇති බව ශ්‍රී ලංකා රිෆෝම්ස් සංවිධානයේ කැදවුම් කරු වන නීතිඥ අගස්‍ති වීරසිංහ මහතා පවසයි.

එසේ පැමිනිලි කර තිබියදීත් ඒ පිලිබදව තැකීමක් නොකර තව දුරටත් ඒ ආකාරයෙන්ම එම මධ්‍යජාලයේ හැසිරීම පිලිබදව හා ඒ තුලින් සිදුවන පොදු ජනතාවගේ සංඛාත අවභාවිතය පිළිබඳව , සංඛාත බලපත්‍ර නිකුත් කිරීමේ බලදාරියා වන ශ්‍රී ලංකා විදුලි හා සංදේශන නියාමන කොමිසම වෙත පැමිණිල්ලක් ශ්‍රී ලංකා රිෆෝම්ස් සංවිධානයේ කැදවුම් කරු වන නීතිඥ අගස්‍ති වීරසිංහ මහතා සහ එහි විධායක සාමජික නීතිඥ දිනේශ් ජයවීර යන අය විසින් ඉදිරිපත් කර ඇත.

එම මහත්වරුන් අදාල පැමිණිල්ල තුලින් අදාළ මාධය ජාලය දිගින් දිගටම සිදු කරනු ලබන සංඛාත අවභාවිතය පිලිබද සාධාරණ පරීක්ෂණයක් සිදු කර දෙන මෙන් විදුලි හා සංදේශන නියමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...