පෞද්ගලික මාධ්‍යජාලයකට අදාළව තුන්වන වරටත් මැ.කොමිසමට පැමිණිලි!

ප්‍රසිද්ධ පෞද්ගලික මාධ්‍යජාලයක් හරහා දිගින් දිගටම මැතිවරන නීති උල්ලංඝනය කරමින්, සමගි ජන බලවේගය ප්‍රවර්ධනය වන අන්දමින් හා අනෙකුත් අපේක්ශකයන්ට අපහාස වන අයුරින් අධිකරනයකදී ඔප්පු නොවූ චෝදනාවන්ට ලක් කරමින් සිදුකරනු ලබන මාධ්‍ය අවභාවිතය පිලිබද “ශ්‍රී ලංකා රිෆෝම්ස් ” සංවිධානය මගින් මැතිවරණ කොමිසන් සභාව වෙත තුන්වරක් පැමිණිලි කර ඇති බව ශ්‍රී ලංකා රිෆෝම්ස් සංවිධානයේ කැදවුම් කරු වන නීතිඥ අගස්‍ති වීරසිංහ මහතා පවසයි.

එසේ පැමිනිලි කර තිබියදීත් ඒ පිලිබදව තැකීමක් නොකර තව දුරටත් ඒ ආකාරයෙන්ම එම මධ්‍යජාලයේ හැසිරීම පිලිබදව හා ඒ තුලින් සිදුවන පොදු ජනතාවගේ සංඛාත අවභාවිතය පිළිබඳව , සංඛාත බලපත්‍ර නිකුත් කිරීමේ බලදාරියා වන ශ්‍රී ලංකා විදුලි හා සංදේශන නියාමන කොමිසම වෙත පැමිණිල්ලක් ශ්‍රී ලංකා රිෆෝම්ස් සංවිධානයේ කැදවුම් කරු වන නීතිඥ අගස්‍ති වීරසිංහ මහතා සහ එහි විධායක සාමජික නීතිඥ දිනේශ් ජයවීර යන අය විසින් ඉදිරිපත් කර ඇත.

එම මහත්වරුන් අදාල පැමිණිල්ල තුලින් අදාළ මාධය ජාලය දිගින් දිගටම සිදු කරනු ලබන සංඛාත අවභාවිතය පිලිබද සාධාරණ පරීක්ෂණයක් සිදු කර දෙන මෙන් විදුලි හා සංදේශන නියමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...