ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාර කිරීම අද!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර
අහෝස්තු 11, LNW මහනුවර:
සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (11) රාත්‍රී සිදුවේ.

රාත්‍රී 07 පසුවී මිනිත්තු 27ට දකුණු දිශාභිමුඛව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල පෙරහැර සමඟින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර වීදි සංචාරයට එක්වේ.

එම පෙරහැර දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.
පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී විදි සංචාරය කළ අතර පෙරහැර නැරඹීම සඳහා දේශීය සැදැහැවතුන් සහ විදේශීය සංචාරකයන් රැසක් සහභාගීව සිටියෝය. පළමු කුඹල් පෙරහැර නැරඹීම මගින් කුඩා දරුවන්ගේ අපල, උපද්‍රව දුරුවන බවට පවතින විශ්වාසය හේතුවෙන් දරුවන් රැසක් පෙරහැර නැරඹීම සඳහා සහභාගී කරවා ගෙන තිබිණි.
පළමු කුඹල් පෙරහැර දින සාධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් ඉන්දිරාජා ඇතු වන අතර බුරුම රාජා සහ කෝට්ටේ රාජා ඇතුන් දෑලේ ගමන් ගත්තෝය.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පළමු කුඹල් පෙරහැර ගමනට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...