පුටින් විශ්මයට පත්කළ යුක්රේනයේ දේශසීමා ආක්‍රමණය අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය අඟහරුවාදා(06) යුද ටැංකි සහ සන්නද්ධ වාහනවල සහාය ඇතිව යුක්රේන හමුදා භටයන් 1,000ක් පමණ රුසියාවේ කර්ස්ක් කලාපයට ඇතුළු වූ අතර එතැන් සිට යුක්රේනියානුවන් කලාපීය නගරයක් වන සුඩ්ෂා ඇතුළුව ගම්මාන ගණනාවක් අත්පත්කරගෙන සිටින බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් විශ්මයට පත්වූ රුසියානු ජනාධිපති පුටින් එතැන් සිට යුධ ටැංකි සහ රොකට් දියත් කිරීම් හරහා කර්ස්ක් කලාපයේ යුක්රේන ආක්‍රමණය මැඩපැවැත්වීම සඳහා සිය හමුදා කණ්ඩ යොදවා තිබේ.

2022 වසරේ රුසියාව යුක්රේනය ආක්‍රමණය ඇරඹු දා සිට යුක්රේනය රුසියාවට දියත් කළ විශාලතම ප්‍රහාරය මෙය වන අතර රුසියාවේ රාජ්‍ය ටාස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව 76,000 කට වැඩි පිරිසක් දැනටමත් දේශසීමා ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික ඒජන්සිය රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් ඉල්ලා සිටියේ සටන රුසියාවේ කර්ස්ක් න්‍යෂ්ටික බලාගාරයට සමීප වෙමින් පවතින බැවින් “උපරිම සංයමයක් ක්‍රියාත්මක කරන ලෙස” ය. ඒ අනුව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි ප්‍රකාශ කර තිබුණේ, “බරපතල විකිරණ ප්‍රතිවිපාක ඇති කළ හැකි න්‍යෂ්ටික අනතුරක් වළක්වා ගැනීමට” පියවර ගත යුතු බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය පැමිණෙන්නේ එක්සත් ජනපදයේ නොවැම්බර් ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් එක්සත් ජනපද සහයෝගය දුර්වල විය හැකි බවට Kyiv සැලකිලිමත් වීමත් සමඟය. ට්‍රම්ප් යුද්ධය අවසන් කරන බව ප්‍රකාශ කර ඇති අතර විශ්ලේෂකයන් මේ පිළිබඳව සඳහන් කරන්ණේ යුක්රේනයද සිය යුධ ශක්තිය අත්හදාබැලීම් සිදුකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...