උඩු ගං බලා යාමේ උවමනාව අභිප්‍රේරණය කරන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 11, (LNW) කොළඹ :

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට වසර 10 කි.දසවන සංවත්සරය සමරා මෙවර නාට්‍ය උළෙලට රටවල් 11 ක් නාට්‍ය 16 ක් ඇතුළත් කර ඇත.අගෝස්තු 24 දා සිට 30 වන දා දක්වා මෙවර නාට්‍ය උළෙල පැවත්වෙන්නේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේය.


ලංකාවේ පැවත්වෙන එකම ජාත්‍යන්තර රංග කලා උළෙල වන මෙම නාට්‍ය උළෙල 2012 මුල් වරට ආරම්භ කරන ලද අතර මෙවර පැවත්වෙන දසවන සංවත්සරය පාදක කරගෙන රංග කලා වැඩමුළු මෙන්ම ජාත්‍යන්තර නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනය ආදිය ද සංවිධානය වී ඇත.එහිදී රංග කලා වැඩ මුළුව අගෝස්තු 25 – 29 කාලය අතරේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන අතර නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනය අගොස්තු 26 – 29 දක්වා කාලය තුළ පැවත්වෙන්නේ ජමර්න් සංස්කෘතික මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින්ය.


ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලාව විෂයෙහි පවතින රජයන් දක්වන උනන්දුව සහ යොමු කරන අවධානය ඉතා සුළු එකකි.රාජ්‍යමය වශයෙන් දේශාපාලනකිකව නැඟ එන විරෝධය යම් තාක් දුරට සමනය කර ගැනීම උදෙසා විවිධ කලා කේෂ්ත්‍ර ආවරණය වන පරිදි අනු මණ්ඩල පිහිටා ඇති අතර ඒ තනතුරුවලට බොහෝ විට පත් වන්නේ ඒ ඒ විෂයානුබද්ධ කේෂ්ත්‍ර ආණ්ඩුවේ සංස්කෘතික ක්‍රියාකාරම්වලදී කලාකාරයන්ව,එහි නිල දේශපාලනික උවමනාවන්හී වපසරියට අනුව පමණක් තෘප්තිමත් විය යුතු බවට කලාකරුවන්ට සීමා පනවන රූකඩය.

එසේ නොවන තැන් හී කලාව සහ කලාකරුවන් වෙනුවෙන් තීරණ ගන්නා සහ පවතින ව්‍යහුයමය තත්ත්වයන් වෙනස් කරන්නට උත්සාහ කරන්නන් එම තනතුරු අත හැර යන්නේය.


මෙවැනි පරිසරයක රටක හොඳම දේ නොවිය හැකි විය හැකි නමුත් පවතින තත්ත්වයන්ට සාපේක්ෂව හොඳම දේටත් වඩා හොඳ ලෙස පිළිගෙන සැනසෙන්නට සහ ගරු කරන්නට අවශ්‍යය පසුබිමක් කොළඹ ජාත්‍යන්තර රංග ගලා උළෙළෙට නිතැතින් හිමි වන්නේය.ඒ නිසාම ඒ බර දෙ’උර මත දරන 90 දශකයේ සිට ලාංකේය වේදිකාවේ සංස්කෘතික පීඩනයන්ට එරෙහිව උඩු ඟං බලා යාමේ උවමනාව ඇතුව වැඩ කළ අයෙකු ලෙස එම්.

සෆීර් මේ රංග කලා උළෙල වෙනුවෙන් අවශ්‍යය ජාත්‍යන්තර වටපිටාව සකසා ගැනීම හුදෙකලා පුද්ගල ජයග්‍රහණයකි.එම ජයග්‍රහණයේ ආලෝකය පොදු ව්‍යහුයක විහිඳ යන සේ වැටෙන සියුම් එළිය වුව,අලුත් පරම්පරාවට නාට්‍ය ලෝකය තුළ මේ රට අලුත් කරන්නට නාට්‍ය කලාවට ප්‍රායෝගිකව සම්බන්ධ වීමට එහාට එහි ඇති තවත් අනුශාංගික කාරණා සම්බන්ධයෙන් හිතා බලන්නට අපූරු උත්තේජනයකි.


පවතින නාට්‍ය කලාවේ හැඩහුරුකම් පිළිබඳ විමසා බලද්දි කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලෙන් විහිදෙන ආලෝකය පතිත වන්නේ වෙනස්ව හිතන උඩු ඟං බලා යන මිනිසුන්ගේ මඟට වැටී ඇති අඳුර දුරු කරනු පිණිසය.ඒ නිසා මෙය ස්තූති පූර්වකව භාරගත යුතු සහ අලුත් පරිච්ඡේද ලියන්නට රිසි ඇති අලුත් පරම්පරාවක් වඩාත් ඉහළ මට්ටමේ සංස්කෘතික අවකාශයක් තමන්ගේ භාවිතාව වෙනුවෙන් සකසා ගැනිමට හැදෑරිය යුතු ඉසව්වක්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...